අනිච්ච
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ ඇයි? "නහි සීල වතං හේතු - උප්පජ්ජන්ති තථාගතා අට්ඨක්කරා ථීනි පදා - සම්බුද්ධේන ප්‍රකාශිතා" සිල් වතක් දීමට නොව - තථාගතයන් වහන්සේලා පහල වෙන්නේ අකුරු අටකි පද තුනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව. මේක තමයි ඒ ගාථාවේ සරල තේරුම. මෙහි අකුරු අටයි පද තුන වෙන්නේ "අනිච්ච දුක්ඛ අනත්ථ" . බැඳී අකුරු ලෙස ගත් විට තමයි අටක් ලැබෙන්නේ. එතකොට මේ පද තුනේ "අනිච්ච" කියන පළමු පදය කෙතරම් වැදගත්ද කියනවානම් බුද්ධ ශාසනයේ හදවත වගේ. මේ පදයේ නිවැරදි අර්ථය යටපත් උනොත් නැතිවෙන්නේ බුද්ධ ශාසනයි, ඒ කිව්වේ මග ඵල ලාභියෝ. ඒ නිසා මේ පදයේ නිවැරදි අර්ථය තොර ගන්න කෙනෙක්ට උපකාරයක් වීමයි මේ ලිපියේ අරමුණ. (මෙය උප-කාරයක් විතරයි, "කාරය" තමන් විසින් බුද්ධිමත්ව සිතා බලා කර ගන්න ඕනි.) අනිච්ච ප්‍රධාන අර්ථ අද වන විට "අනිච්ච" යන පදයට ඇති අර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අනිත්‍ය - අනිච්ච අනිත්‍ය, වෙනස් වන සුළු ස්වභාවය, ස්ථිරව නොපැවතීම, ඇතිවෙන-නැතිවෙන ස්වභාවය, "පෙර නොතිබී හටගෙන, ඉතුරු ...