ප්‍රිය මදුර ස්වභාවය කුමක්ද?
ප්‍රිය මදුර ස්වභාවය ගැන පටලැවීම් රාශියක් මතු වෙමින් පවතින නිසා ඒ පිලිබඳ කෙටි සටහනක් මෙසේ ලියන්න හිතුනා.
සත්වයාට ප්‍රිය මදුර ස්වභාවය ලෙස දැනෙන්නේ විපාක සැප වේදනාව.
මේ විපාක සැප වේදනා ගොඩ නැගෙන ආකාරය විග්‍රහ වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය තුල.
"අව්‍යා" කියන්නේ එසේ හිතන්නේ, තීරණය නොකර කියන අර්ථය.
"කෘත" කියන්නේ කරන ලද කියන අර්ථය.
ඒ අනුව,
"අව්‍යාකෘත" කියන්නේ "නොහිතා කෙරුණ" යන අර්ථය.
පෙර කරන ලද කාමාවචර පුණ්‍ය කර්මයක ශක්තිය විපාක දීමක් ලෙස උපේක්ෂා සහගතව ආරම්භය වන අව්‍යාකෘත පටිච්චසමුප්පාදය වේදනාවක් ලබාදී අදාළ ජාතිය පහල කර දුක් රැස උදා කරයි.
සැ. යු :-
මෙහි වේදනාව උපේක්ෂා සහගත බව ගැනීමට කිසිම සාදකයක් මෙතන නැත. එසේ ගැනීමෙන් පරස්පරතා රාශියක්ද ඇතිවේ. (ඉහත රූපයේ කොල පාටින් අහි කොටස බලන්න)
මෙසේ උදාවන විපාක සැප වේදනාවට රාගයෙන් පටිච්ච වීමෙන් සත්වයා ආස්වාද ගොඩ නගා ගනී.
ඇස, කන, නාසය, දිව ආදියටද මීට සමාන පටිච්චසමුප්පාදයක් ඇත.
නමුත් කයට සහ මනට පොඩි වෙනසක් තියනවා....
කුසල විපාක ලෙස කයට පොට්ටබ්බයක් ලැබීම බලමු.
ඇස, කන, නාසය, දිව ආදියට මෙන්ම කුසල විපාකය කයටද විපාක සැප වේදනා උදා කර දෙනවා. නමුත් කයට වෙනසක් තියනවා. එය "සුඛ සහගත පොට්ටබ්භ ආරම්මණ" ලෙස දක්වනවා. මෙය "වේදනාව" සැප සහගත යයි නිගමනයට හේතුව නොවුනත් ආරම්මණය ඇස,කන,නාසය,දිව ආදියෙන් වෙනස් උනේ කොහොමද කියන ගැටළුවක් තියනවා.
මේසේ වන්නේ ඇයි කියා විසඳා ගැනීමට එක ක්‍රමයක් මෙසේ සටහන් කරමි.
උදාහරණක් බලමු.
දීර්ග කාලයක් සේවයේ නියුතු වුනු බස් රථ රියදුරෙක් ගන්න. ඔහුට බස් රථය පදවන ගමන් සින්දු අහන්න, කතා කරන්න, වෙනම දේවල් හිතන්න පවා පුළුවන්. සුක්කානම, තිරිංග හැසිරවීම වැඩිය නොහිතාම කරන්න පුළුවන්. ඔහු කියනවා සුක්කානම, තිරිංග මට නිකං "ඇඟේ කෑලි වගේ" කියලා.
මේ උදාහරණය හොඳින් හිතලා බලන්න. ඇයි "ඇඟේ කෑලි වගේ" කිව්වේ? කෙනෙක් යමකට හුරු උනාම ඒ දේ සිද්ද වෙන්නේ අව්‍යාකෘත ස්වාභාවකින්. මේක පුරුද්දක් වෙනවා. මේක පසුව ගතියක් වෙනවා!
උපතින් ගොඩ නැගුනු "කය" කියන්නේ ඝනී බවනය වුන අව්‍යාකෘත පොදියක් වගේ. ඒ නිසා එයට සැප/දුක්/නොදුක් නොසුව කෙලින්ම දෙන්න පුළුවන්.
උදා :-
අසූචි ටිකක් අප්‍රිය අමදුර වෙන්නේ ඇස + මන ඉන්ද්‍රිය වල එකතුවෙන්. පෙර මතක ඇදී ගොඩනැගිය යුතු චක්‍ර කීපයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ඇසේ "විපාක දුක්" වේදනාවක් මතු කරන්නේ.
නමුත් ඇසට වැරෙන් පහරක් වැදුනොත් කෙලින්ම දුක් වේදනාව දෙනවා, ඒ එය ස්පර්ශ වුනේ කයට නිසා. (එකයි මුල් අවස්තාව පමණක් ඇස ලෙස සලකන්නේ, අනිදස්සනයි, අප්ඵටිඝයි, ධර්ම ආයතනයට ගොචරයි)
ඉහත පටිච්චසමුප්පාද විග්‍රහය අනුව කෙලෙසේ නැගීමට පෙර අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් සැප වේදනා උදාකර දෙනවා. ඒ අනුව ලෝකයේ ප්‍රිය මදුර බව අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් උදාවනවා. කෙලෙස් පටන් ගන්නේ ඊට පස්සේ. නමුත් මේ බුද්ධ දේශනය බලන්න...
මෙය බැලූ බැල්මට ඉහත පටිච්චසමුප්පාද විග්‍රහයට පරස්පර බවක් පේනවා. චන්දය කැමැත්ත නිදාන කර ගෙන ප්‍රිය ස්වභාවය හට ගන්නවා නම් කෙලෙස් සහිත වැඩපිළිවෙලක් කියලා හිතෙනවා.
මෙය පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු.
"රෝග නිධානය" කියන්නේ මොකක්ද?
උදේට පීනස, පීනසට හේතුව උදෑසන අවදි වීම කිව්වත්, පීනසට නිධානය ඒකද?
නිධානය පොළොවෙන් යට තියෙන්නේ, වැහිලා සැඟවිලා, බොහෝ දුර අතීතයක් තියන දෙයක්.
යමකට යමක් නිධානයි කියන්නේ එයට ආරම්භක, මුල්ම හේතුව මිසක් ඉස්සර සිද්ධ උන හේතුව නෙමෙයි.
මෙන්න මේ වගේ, ප්‍රිය මදුර ස්වභාවයෙන් යමක් දැනීමේ නිධානය චන්දය තමයි. නමුත් මෙය අත් බව ගානකට පෙර කැමැත්ත නිසා වුනු දෙයක් බොහෝ විට.
කුඩා ගැහැණු ළමයෙක්, සෙල්ලම් කාර් එකක් සහ බෝනික්කෙක් සිටියොත් තොර ගන්නේ බෝනික්කා. පිරිමි දරුවෙක් නම් කාර් එක. රෝස පාට කාඩ් එකක් සහ නිල් පාට එකක් තිබ්බොත්, ප්‍රිය මදුර කොයික කාටද කියන එක කියන්න හරි ලේසියි.
ඇයි මේ?
මේ ප්‍රිය භාවට නිධානය බොහෝ දුර අතීතයේ සිට ගොඩ නැගුනු දෙයක්. අපි ගතිය කියන්නේ මේ දේට. ගතියට අදාලවම රූපය සහ හඬ එනවා. කොහොම ගත්තත් නිධානය චන්දයක් තමයි.
මිනිස් දිවට මී පැණි ප්‍රියයි, සැප වේදනා උදා කරනවා.
නිල මැස්සාට අසූචි ප්‍රියයි, සැප වේදනා උදා කරනවා.
මේ වෙනසට හේතුව කුමක්ද?
පෙර කරන ලද අවිද්‍යා-තන්හා වැඩ පිළිවෙලම තමයි.
දැන් ඉහත සූත්‍ර කොටසින් පෙන්වා දෙන්නේ මේ ලෝකයේ ප්‍රිය ස්වභාවය (විපාක සැප) සහ ඉන්පසු සාදා ගන්න දෙයත් (ආස්වාද) තන්හා නිධාන බව. ඒ කියන්නේ තන්හාව කෙතරම් දුරක් යනවාද කියා තමයි පෙන්වන්නේ...
සූත්‍රයේ 1 සහ 2 හා සම්බන්ධ වේ.
තව ක්‍රමයකින්
මෙහි තන්හාව ඒ මොහොතේ පටිච්චසමුප්පාදය නොවන බවට සරලව තේරුම් ගන්න මේ ආකාරයටත් පුළුවන්.
පටිච්චසමුප්පාද න්‍යායට අනුව.
... ඵස්ස -> වේදනා -> තණ්හා ...
නමුත් ඉහත සූත්‍රයේ තණ්හාව ඒ මොහොතේ පටිච්චසමුප්පාදයට අනුව ගලපුවොත්
තණ්හා -> වේදනා! වෙනවා!! මෙය නොගැලපේ
ඒ අනුවත් අපට තේරුම් ගන්න පුළුවන් මෙහි තණ්හා යන්න පෙර සිද්ධ වුනු පටිච්චසමුප්පාදයක තණ්හාවක් බව.
තණ්හා හේතුවෙන් නොව නිධානයෙන් ප්‍රිය උපදනා බව පෙන්වන්නේ ඒ නිසයි.
සේක - අසේක සියලුම යට පොදුවූ විපාක ස්වභාවය මෙසේ සංක්‍ෂිප්ත කල හැක.
සත්වයාට ප්‍රිය මදුර ස්වභාවය ලෙස දැනෙන්නේ විපාක සැප වේදනාව.
මේ විපාක සැප වේදනා ගොඩ නැගෙන ආකාරය විග්‍රහ වෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය තුල.
"අව්‍යාකෘත"
"ව්‍යා" කියන හඬින් දැක්වෙන්නේ ව්‍යවස්‌ථාපිත, ඒ කියන්නේ හිතලා, තීරණය කරලා වගේ අර්ථයක්. "ව්‍යායාම" කියන්නේ හිතලා කරන ක්‍රියානේ."අව්‍යා" කියන්නේ එසේ හිතන්නේ, තීරණය නොකර කියන අර්ථය.
"කෘත" කියන්නේ කරන ලද කියන අර්ථය.
ඒ අනුව,
"අව්‍යාකෘත" කියන්නේ "නොහිතා කෙරුණ" යන අර්ථය.
අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
ඇස, රූපයක් සමග ගැටෙන විට ඇතිවන පටිච්චසමුප්පාදය බලමු.පෙර කරන ලද කාමාවචර පුණ්‍ය කර්මයක ශක්තිය විපාක දීමක් ලෙස උපේක්ෂා සහගතව ආරම්භය වන අව්‍යාකෘත පටිච්චසමුප්පාදය වේදනාවක් ලබාදී අදාළ ජාතිය පහල කර දුක් රැස උදා කරයි.
සැ. යු :-
මෙහි වේදනාව උපේක්ෂා සහගත බව ගැනීමට කිසිම සාදකයක් මෙතන නැත. එසේ ගැනීමෙන් පරස්පරතා රාශියක්ද ඇතිවේ. (ඉහත රූපයේ කොල පාටින් අහි කොටස බලන්න)
මෙසේ උදාවන විපාක සැප වේදනාවට රාගයෙන් පටිච්ච වීමෙන් සත්වයා ආස්වාද ගොඩ නගා ගනී.
ඇස, කන, නාසය, දිව ආදියටද මීට සමාන පටිච්චසමුප්පාදයක් ඇත.
නමුත් කයට සහ මනට පොඩි වෙනසක් තියනවා....
කයේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
කුසල විපාක ලෙස කයට පොට්ටබ්බයක් ලැබීම බලමු.
ඇස, කන, නාසය, දිව ආදියට මෙන්ම කුසල විපාකය කයටද විපාක සැප වේදනා උදා කර දෙනවා. නමුත් කයට වෙනසක් තියනවා. එය "සුඛ සහගත පොට්ටබ්භ ආරම්මණ" ලෙස දක්වනවා. මෙය "වේදනාව" සැප සහගත යයි නිගමනයට හේතුව නොවුනත් ආරම්මණය ඇස,කන,නාසය,දිව ආදියෙන් වෙනස් උනේ කොහොමද කියන ගැටළුවක් තියනවා.
මේසේ වන්නේ ඇයි කියා විසඳා ගැනීමට එක ක්‍රමයක් මෙසේ සටහන් කරමි.
"කය" යනු කුමක්ද?
උදාහරණක් බලමු.
දීර්ග කාලයක් සේවයේ නියුතු වුනු බස් රථ රියදුරෙක් ගන්න. ඔහුට බස් රථය පදවන ගමන් සින්දු අහන්න, කතා කරන්න, වෙනම දේවල් හිතන්න පවා පුළුවන්. සුක්කානම, තිරිංග හැසිරවීම වැඩිය නොහිතාම කරන්න පුළුවන්. ඔහු කියනවා සුක්කානම, තිරිංග මට නිකං "ඇඟේ කෑලි වගේ" කියලා.
මේ උදාහරණය හොඳින් හිතලා බලන්න. ඇයි "ඇඟේ කෑලි වගේ" කිව්වේ? කෙනෙක් යමකට හුරු උනාම ඒ දේ සිද්ද වෙන්නේ අව්‍යාකෘත ස්වාභාවකින්. මේක පුරුද්දක් වෙනවා. මේක පසුව ගතියක් වෙනවා!
උපතින් ගොඩ නැගුනු "කය" කියන්නේ ඝනී බවනය වුන අව්‍යාකෘත පොදියක් වගේ. ඒ නිසා එයට සැප/දුක්/නොදුක් නොසුව කෙලින්ම දෙන්න පුළුවන්.
උදා :-
අසූචි ටිකක් අප්‍රිය අමදුර වෙන්නේ ඇස + මන ඉන්ද්‍රිය වල එකතුවෙන්. පෙර මතක ඇදී ගොඩනැගිය යුතු චක්‍ර කීපයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ඇසේ "විපාක දුක්" වේදනාවක් මතු කරන්නේ.
නමුත් ඇසට වැරෙන් පහරක් වැදුනොත් කෙලින්ම දුක් වේදනාව දෙනවා, ඒ එය ස්පර්ශ වුනේ කයට නිසා. (එකයි මුල් අවස්තාව පමණක් ඇස ලෙස සලකන්නේ, අනිදස්සනයි, අප්ඵටිඝයි, ධර්ම ආයතනයට ගොචරයි)
ප්‍රිය මදුර ස්වභාවයේ නිදානය කුමක්ද?
ඉහත පටිච්චසමුප්පාද විග්‍රහය අනුව කෙලෙසේ නැගීමට පෙර අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් සැප වේදනා උදාකර දෙනවා. ඒ අනුව ලෝකයේ ප්‍රිය මදුර බව අව්‍යාකෘත පටිච්චසමුප්පාදය මගින් උදාවනවා. කෙලෙස් පටන් ගන්නේ ඊට පස්සේ. නමුත් මේ බුද්ධ දේශනය බලන්න...
මෙය පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු.
නිධානය.
නිධානයක් සාමාන්‍යයෙන් තියෙන්නේ පොළොවෙන් උඩද? පොළොවෙන් යටද?
"රෝග නිධානය" කියන්නේ මොකක්ද?
උදේට පීනස, පීනසට හේතුව උදෑසන අවදි වීම කිව්වත්, පීනසට නිධානය ඒකද?
නිධානය පොළොවෙන් යට තියෙන්නේ, වැහිලා සැඟවිලා, බොහෝ දුර අතීතයක් තියන දෙයක්.
යමකට යමක් නිධානයි කියන්නේ එයට ආරම්භක, මුල්ම හේතුව මිසක් ඉස්සර සිද්ධ උන හේතුව නෙමෙයි.
මෙන්න මේ වගේ, ප්‍රිය මදුර ස්වභාවයෙන් යමක් දැනීමේ නිධානය චන්දය තමයි. නමුත් මෙය අත් බව ගානකට පෙර කැමැත්ත නිසා වුනු දෙයක් බොහෝ විට.
කුඩා ගැහැණු ළමයෙක්, සෙල්ලම් කාර් එකක් සහ බෝනික්කෙක් සිටියොත් තොර ගන්නේ බෝනික්කා. පිරිමි දරුවෙක් නම් කාර් එක. රෝස පාට කාඩ් එකක් සහ නිල් පාට එකක් තිබ්බොත්, ප්‍රිය මදුර කොයික කාටද කියන එක කියන්න හරි ලේසියි.
ඇයි මේ?
මේ ප්‍රිය භාවට නිධානය බොහෝ දුර අතීතයේ සිට ගොඩ නැගුනු දෙයක්. අපි ගතිය කියන්නේ මේ දේට. ගතියට අදාලවම රූපය සහ හඬ එනවා. කොහොම ගත්තත් නිධානය චන්දයක් තමයි.
මිනිස් දිවට මී පැණි ප්‍රියයි, සැප වේදනා උදා කරනවා.
නිල මැස්සාට අසූචි ප්‍රියයි, සැප වේදනා උදා කරනවා.
මේ වෙනසට හේතුව කුමක්ද?
පෙර කරන ලද අවිද්‍යා-තන්හා වැඩ පිළිවෙලම තමයි.
දැන් ඉහත සූත්‍ර කොටසින් පෙන්වා දෙන්නේ මේ ලෝකයේ ප්‍රිය ස්වභාවය (විපාක සැප) සහ ඉන්පසු සාදා ගන්න දෙයත් (ආස්වාද) තන්හා නිධාන බව. ඒ කියන්නේ තන්හාව කෙතරම් දුරක් යනවාද කියා තමයි පෙන්වන්නේ...
සූත්‍රයේ 1 සහ 2 හා සම්බන්ධ වේ.
තව ක්‍රමයකින්
මෙහි තන්හාව ඒ මොහොතේ පටිච්චසමුප්පාදය නොවන බවට සරලව තේරුම් ගන්න මේ ආකාරයටත් පුළුවන්.
පටිච්චසමුප්පාද න්‍යායට අනුව.
... ඵස්ස -> වේදනා -> තණ්හා ...
නමුත් ඉහත සූත්‍රයේ තණ්හාව ඒ මොහොතේ පටිච්චසමුප්පාදයට අනුව ගලපුවොත්
තණ්හා -> වේදනා! වෙනවා!! මෙය නොගැලපේ
ඒ අනුවත් අපට තේරුම් ගන්න පුළුවන් මෙහි තණ්හා යන්න පෙර සිද්ධ වුනු පටිච්චසමුප්පාදයක තණ්හාවක් බව.
තණ්හා හේතුවෙන් නොව නිධානයෙන් ප්‍රිය උපදනා බව පෙන්වන්නේ ඒ නිසයි.
ප්‍රිය මදුර / අප්‍රිය අමදුර
සේක - අසේක සියලුම යට පොදුවූ විපාක ස්වභාවය මෙසේ සංක්‍ෂිප්ත කල හැක.
සැලකිය යුතයි :-
ඇස,කන,නාසය,දිව අනිදස්සන-අප්පටිඝ
ආයතන ලෙස ගත යුතුයි.
මේවා විපාකය සකස් කිරීමේදී මන ආධාර වේ.
(අනුබද්ධ ආධාරක මනොද්වාර චිත්ත වීති 3 හරහා)

Comments
Post a Comment