මොනවද මේ නිරුක්ති?

හරි නිරුක්ති සහ වැරදි නිරුක්ති

"රජ"
1. "ජනයා රංජනය කරන හෙයින් රජ" කියනවා කියලා නිරුක්තියක් පෙන්වා තිබෙනවා.
2. තව කෙනෙක් කියනවා නැහැ එක විකුර්ති වැරදි නිරුක්තියක් අද කාලේ බැලුවම ඕන කෙනෙක්ට තේරෙනවා "ජනයා රවටන හෙයින් රජ" කියලා කිවනම් එකයි හරි නිරුක්තිය!

මේ දෙකෙන් එකක් ලොව්තුරා අමා මෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වපු නිරුක්තියක්!

දැන් "අපි කොහොමද කොයික හරිද? කොයික වැරදිද කියලා තෝරාගන්නේ"?.

පොඩ්ඩක් ආයිත් දෙකම කියවලා බලන්න අපිට පුලුවන්ද හරි එක තෝරාගන්න?

වැරදි කියලා අපිට හිතට එන එකට බැනලා, එක කියන අයටත් බැනලා, බැරිවෙලාවත් ඒක බුදු රජාණන් වහන්සේ පෙන්වූ එකමනම්, ඒ ධර්ම රත්නයට සහ බුද්ධ රත්නයට නිගා කර ආර්ය උපවාදය වෙනවා ඒකාන්තයි.

ඒ නිසා මේ නිරුක්ති කියන්නේ ඉතා පරිස්සමින් තොරගන්න ඕනි දෙයක්. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නිරුක්ති ගැන යම් කිසි සරල අදහසක් ලබාදෙන්න. කැමති නම් කියවලා බලන්න.

නිරුක්ති ඥානය

සිරස ටාසන් බාප්පා වගේ පද දෙකට කඩලා මොනවා හරි දෙයක් කියන එක නෙමෙයි නිරුක්ති ඥානය කියන්නේ. නිරුක්ති ඥානය ඇති පුද්ගලයාට යම් පදයක "හඬින්" එහි අර්ථය (ගුණය) ගැන අදහසක් දැනෙනවා. ඒ නිසා එහි භාෂාව, හෝ etymology අවශ්‍ය නැහැ. හඬින් සහ එය යෙදෙන තැන අනුව, පටිච්චසමුප්පාද ධර්මයට බහා බලා එය තුලින් නැවත ධර්මතාවයක් පෙන්වන්න පුළුවන්. ඒක තමයි නිරුක්ති පෙන්වීමක් කියන්නේ, නැතුව පද කැඩීමක් නෙමෙයි.


ඒ වගේම, එය අති භයංකර සසරින් එතෙර වීමට උපකාර වෙන, උපකාර කරන, 67 ශ්‍රාවක සාධාරණ බුද්ධ ඥානයන් ගෙන්ද එකක්. බුද්ධ දේශනාව පවත්වන්න කිව්වෙත් ඒ නිරුක්ති ක්‍රමයෙන් මිසක් පරිවර්තන (dictionary යොදා ගෙන) හරහා නෙවෙයි.




පටිච්චසමුප්පාදයට ඇති සම්බන්ධය

සියල්ල සංකතයි පටිච්චසමුප්පන්නයි (බුද්ධ දේශනාව) එහෙනම් මේ පහල වෙලා තියන සියලුම ජීවී අජීවී වස්තු යම් සංකාරයක ඵලයක්! සංකාර කියන්නේ සරලව කිව්වොත් සත්වයා සිතින් කයින් මනසින් කරන ක්‍රියා. සංකත කියන්නේ ඒ සංකාර ක්‍රියාවලියක අවසන් ඵලයක්. සංස්කරණය කරලා සන්කතයක් ගන්නවා. (බුද්ධ දේශනාව). එහෙනම් යම් සංකතයක් ගසක්, ගලක්, ආදී ඕනෑම දෙයක් හටගන්න සත්වයන්ගේ ක්‍රියාවක් හේතු වෙලා තියනවා! මේක කෙතරම් ගැඹුරු දෙයක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් යම් ක්‍රමයක් තියනවාද ඒ ක්‍රියාවයි අද විධාමාන වුනු ඵලයයි සම්බන්ධ කරන? තියනවා => ගති ගුණ - ගති හඬ - ගති රුව.

ගති ගුණ - ගති හඬ - ගති රුව.

නිරුක්ති ඥානයට පදනම් වෙන්නේ ස්වභාව ධර්මයේ පවතින මෙන්න මේ සම්බන්ධය. ඉතා කෙටියෙන් කිව්වොත් ඕනෑම දෙයකට ආවේනික හඬක්-රූපයක්-සහ ගුණයක් පවතිනවා. ඒ තුනම වැටෙන්නේ පටිච්චසමුප්පන්නවම තමයි. ඒ නිසා යම් දෙකට ඕනි ඕනි හඬක් යොදන්න බැහැ, දෙන්නෙත් නැහැ, එය දරා සිටින්නේ නැහැ.

ඒ වගේම එකම දේට නම් සීයක් තිබ්බොත්, ඒ නම් සීයෙන්ම අදාළ ගුණයම හෝ එහි යම් පැතිකඩක් (perspective) පෙන්වනවා.

ඒ නිසා,

බල්ලා = සුනඛයා = dog = कुत्ता (කුත්තා)

=> මේ ඔක්කොම එකම ගුණයක් දෙසට යොමු කරන්නේ.
=> එකම රූපයකට යොමු කරන්නේ.

ඒ නිසා නිරුක්ති පටිසම්භිදා ඥාණය ඇති යම් පුද්ගලයෙකුට මේ ගති ගුණ - ගති හඬ - ගති රුව කියන ත්‍රිත්වයෙන් එකක් දැක්කොත් අනිත් දෙක දකින්න පුළුවන්.


ලෞකික මට්ටම


මේ ඥානයේ යම් ලෞකික මට්ටමකුත් තියනවා. විවිධ අනාර්ය ක්‍රම හරහා සිත දියුණු කල අයට සසර පුරුදෙන් එය නැවත මතු වෙලා ස්වභාව ධර්මයේ මේ සම්බන්ධය දකින ඥානයක් එනවා. නමුත් පටිච්චසමුප්පාදය ගලපගන්න බැහැ.

අරිසෙන් අහුබුදු ශූරීන්ට මේ වගේ ලෞකික වූ නිරුක්ති ඥානයක් තිබුනා. මේ පහත තියන video එකේ ඉන්න පුද්ගලයා Daniel Tammet අසාමාන්‍ය මතක ශක්තියක් සහ ගණිත හැකියාවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙක්. ඔහු pi වල අගය අංක 22,514 මතක තබා නැවත පැය 5ක් පුරාවට නැවත මතකයෙන් කියා ලෝක වාර්තාවක් තැබූ අයෙක්. (අපිට දුරකතන අංකයක අංක 10, මතක තියාගන්නත් අමාරුයි නේ. ඉතින් 22514ක් මතක තබාගත්තේ කොහොමද කියලා හිතල බලන්න.) ඉතින් කොහොමහරි, මේ අසාමාන්‍ය පුද්ගලයාට යම් අසාමාන්‍ය ඥානයක් මතු වෙලා කියලා ඔහු ලෝකයට කියනවා. ඔහු මේ video වේ කියන්නේ සෑම පදයකටම ආවේනික හන්ගීමක් emotion එකක් තියනවා කියලා.


හාවාට hare කියලා ඉංග්‍රීසි භාෂාවේ කියනවා, hair කියලා කියන්නේ කොන්ඩේටනේ. ඔහු කියන්නේ මේ දෙකේම හඬ එකම නිසා, තියෙන්නේ පොදු ලක්ෂණයක් "ගුණයක්" කියලා!
නම්‍ය ශීලී, භියගුලු, සලිත වන ගුණයක් ඉස්මතු වෙන්නේ කියලා.


මේක බලලා ලෞකික මට්මක නිරුක්ති ඥානයේ පදනම යම් තරමකට හිතා ගන්න පුළුවන්.





මේ උතුම් ඥානය ගැන යම් අදහසක් එන්න ඇති කියලා හිතනවා.

තෙරුවන් සරණයි!

Comments

  1. Casino in Pennsylvania | Get up to $1000 & a $1000 Welcome Bonus
    Find out 하남 출장안마 more about the Casino in Pennsylvania. 과천 출장안마 The Casino is open 수원 출장안마 24 원주 출장마사지 hours a day, 7 days a 안산 출장샵 week.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉතිපි, සෝ භගවා... නව ගුණ ගාථාවේ නිවැරදි උච්චාරණය

අනිච්ච