ඉතිපි, සෝ භගවා... නව ගුණ ගාථාවේ නිවැරදි උච්චාරණය

සූවිසි ගුණ යනු බුද්ධ, ධම්ම සංඝ යන ත්‍රිවිද රත්නයේ අසීමිත ගුණයි. මේ සුවිසි ගුණ ගාථා වන් පටන් ගන්නේ "ඉතිපි සෝ භගවා" යන අනන්ත බුදු ගුණ නවය අඩංගු ගාථාවෙන්. මේ උතුම් ගාථා රත්නය අද වන විට බොහෝ බෞද්ධයින් පටන් ගන්නේ ඉතිපිසෝ භගවා…” ලෙසටයි (මුල් පද එකට ශබ්ධ කර). ව්‍යවහාර කරන්නේත්  ඉතිපිසෝ” ගාථාව ලෙසයි. පද බෙදා වෙන් කිරීමකින් තොරව මෙසේ සජ්ජානය කළහොත්, මෙහි අර්ථය එන්නේ ”ඉෂ්ට වූ ප්‍රිය වූ දේ පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ” ලෙසයි. ඉෂ්ට වූ ප‍්‍රිය වූ දේ යනු යහපත් ගුණාංගයි. ඒ යහපත් ගුණාංගයන් ඉවත් කර පිස දැමූ භාග්‍යවතුන් වහන්සේ ලෙසයි ඉන් අර්ථය එන්නේ! මෙමගින් පටන් ගත් තැනම බුදු ගුණ කප්පාදු වී ඇත. අන්තිමට හොඳක් කර ගන්න ගිහිල්ලා කර ගන්නේ අවැඩකි.


මෙහි නියම අර්ථය නැගීමට පද බෙදා ශබ්ද කළ යුතුයි. ”ඉතිපි” යනු ඉෂ්ට වූ ප්‍රිය වූ යන්නයි. ”සෝ භගවා” යනු ඒ භාග්‍යවතුන් වහන්සේ යන්නයි. එවිට ”ඉතිපි සෝ භගවා” යනුවෙන් ඉෂ්ට වූ ප්‍රිය වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ලෙස අර්ථය ලැබේ. එම නිසා සූවිසි ගුණ නමස්කාරය පටන් ගන්නා විට මේ ආකාරයට පද බෙදා උච්චාරණය කිරීමට පුරුදු විය යුතුයි.


තවද, ඒ අසීමිත ගුණයන් පෙන්වන ගුණ නවය නිවැරදිව වෙන් කර සජ්ජායනය කල යුතුයි.

  1. අරහං, 
  2. සම්මා සම්බුද්ධෝ, 
  3. විජ්ජාචරණ සම්පන්නෝ, 
  4. සුගතෝ, 
  5. ලෝක විදූ, 
  6. අනුත්තරෝ පුරිස ධම්මසාරති, 
  7. සත්ථා දේව මනුස්සානං, 
  8. බුද්ධෝ, 
  9. භගවාති


Comments

  1. තෙරුවන් සරණයි!

    ReplyDelete
  2. ඉති පි යනු ඉති ==ඒ, පි= ද නෙමෙයි ද?

    ReplyDelete
  3. 🙏🙏🙏🙏🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මොනවද මේ නිරුක්ති?

අනිච්ච