නැට්ට අලියද?
නැට්ට පමණක් දුටු පුද්ගලයෙකු ගේ ඉහත විග්‍රහය යම් දුරකට හරි, අලියා නොදුටු කෙනෙක්ට අවබෝධ කරලා දෙන්නත් පුළුවන්.
නමුත් මෙය බාගෙට හරි, සම්පූර්ණව වැරදි අර්ථ දැක්වීමක්. (Partially correct, but totally wrong).
අලියගේ කන දිහා බලාගෙන අලියා කුල්ලක් වගේ කිව්වත් මේ ප්‍රශ්නෙමයි. සමහර විට කන අතගාලා අත්දැකීම් එක්ක කියන්නේ කියලත් කියයි.
~~~
අනිච්ච දැකීම
අද වන විට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියනවා බුද්ධ ශාසනයේ වැදගත්ම වචනය වන "අනිච්ච" සම්බන්ධයෙන්.
අනිච්ච දකිනවා කියන්නේ පටිච්චසමුප්පාදය දැකීම.
(උදයව්‍ය ඥාන විග්‍රහ - නෙත්තිපකරණිය 157පිට, පටිසම්භිදාමග්ගප්‍රකරණය 106පිට)
ප්‍රධාන ලිපිය බලන්න අනිච්ච අර්ථ.
පටිච්චසමුප්පාදය සාගරය වගේ,
- උත්පත්ති පටිච්චසමුප්පාදය
- ප්‍රවෘත්ති පටිච්චසමුප්පාදය
- අව්‍යාකෘත පටිච්චසමුප්පාදය
කොයි ක්‍රමයෙන් හරි අනිච්ච දැකීමට අවශ්‍ය වන්නේ පටිච්චසමුප්පාදයක් පූර්ණව (අත්)දැකීම. කොටසක් පමණක් බලා ඒක අනිච්ච කිව්වොත් අර මුලින් කියපු නැට්ට අලියා කිව්වා වගේ වෙනවා.
පූර්ණව දකින්න අවශ්‍යයි කිව්වේ මුල සහ අග දකින්න ඕනි කියන එක:
පටිච්චසමුප්පාදයක දුක් කඳ පෙන්වන්නේ අග.
අවිද්‍යා සහගත වැඩ පිළිවෙළ තමයි මුල.
අවිද්‍යා සහගත වැඩ පිළිවෙලක් දුක උදා කරනවා කියන එක දැක්කම තමයි ඒ දුකෙන් මිදෙන්න හේතු වුන අවිද්‍යා සහගත වැඩ සම්බන්ධව විද්‍යාව පහල වෙන්නේ.
ඒ වගේම, යමක "හේතු ඵල" දැක්කා කියන්න පටිච්චසමුප්පාදයක් මුල සිට අගට දකින්න ඕනි (පද එකින් එකට දැනගන්න අවශ්‍යම නැහැ).
විනයට සැසඳේ
අග තියන දුක් කඳ දැක්කම අදාළ වුනු අවිද්‍යා සහගත වැඩ වලින් මිදෙනවා කියන්නේ විනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාග විනය ද්වේශ විනය සහ මෝහ විනය වෙනවා.
සූත්‍රයට බහා සිටී
- අග තියනවා දුක,
- මුල තියනවා හේතුව,
- දුකෙන් මිදීම දකිනවා අග උදා නොවීම තුල,
- මාර්ගය දකිනවා මුල අත්හැරීම තුල.
චතුරාර්‍ය සත්‍යට බහා සිටිනවා.
මේ අනිච්ච විග්‍රහය පටිච්චසමුප්පාදයට බහා සිටී, විනයට සැසඳේ, සූත්‍රයේ බහා සිටී. ඒ නිසා මෙය බුද්ධ දේශනාවක් බව සැක හැර ප්‍රත්‍යක්ෂ කරගැනීමට පුළුවන්.
~ ~ ~
දැන් අපි, අනිච්ච සඳහා මේ වන විට ජනප්‍රිය වී ඇති අර්ථ කීපයක් අරන් බලමු ඒ තුලින් අනිච්ච ලක්ෂණය පූර්ණව දකින්න පුලුවන්ද කියලා.
"වෙනස් වෙන සුළු බව" අනිච්චද?
බොහෝ විට වෙනස් වන සුළු බව කියලා පෙන්වන්නේ පටිච්චසමුප්පාදයක ජාති පහල වීමෙන් පසු එන "ජරා-මරණ" කියන ලක්ෂණය.
මේ වෙනස් වෙනසුලු බව කියලා වාහනයක්, ගෙයක් වගේ ජාතියක් බැලුවත්, සිතක් වැනි සියුම් ජාතියක් බැලුවත් එකම ලක්ෂණය දකින්නේ.
ජරා-මරණ කියන ලක්ෂණ විතරක් බැලුවොත් ඉතුරු දුක් කඳ දකින්නේ නැහැ.
ඒ දුක් කඳට මූල හේතුව වුනු අවිද්‍යා සහගත ක්‍රියාවන් දකින්නෙත් නැහැ.
ඒ නිසා හේතු - ඵල හෝ පටිච්චසමුප්පාදය දකින්න මෙය උපකාර වෙන්න විදිහක් නැහැ.
(වෙනස් වන බව එක් අතකට පටිච්චසමුප්පාදයක් පුරාවටම තියනවා කියන්න පුළුවන්.
නමුත් ඒත් දැකිය යුත්තවූ මුල අග සහිත සමස්ත ලක්ෂණය දකින්න බැරි වෙනවා.)
විනයට නොසැසඳේ
මෙතන තියන ලොකුම ගැටලුව තමයි, වෙනස් වෙනකන් පරිහරණය කරනවා කියන තැනින් මිදෙන්න බැහැ.
- "වයසට ගියාම බැහැ තමයි, නමුත් එතකන් කාලා බීලා ඕනි දහ බලු වැඩක් කරන් ඉන්නවා නේ".
- "අරක්කු බිබී දිගටම ඉන්න බැරි උනාට, බොනකොට සැපයිනේ."
- "දුකක් කරදරයක් ආවොත් - කමක් නැහැ හෙට හරියයි, නැත්නම් ඊට පස්සේ."
අද නොලැබුණු දේ හෙට ලබාගන්න, අද දුක් වින්දට හෙට වෙනස් වෙලා සැප ලබන්න, තව මොහොතක් හෝ ඉන්න ඇත්නම් කියලා ඝෝර කටුක සසරම පතන්න පෙළඹෙනවා.
මේ වගේ දිගින් දිගට ඉදිරියට යන්න, සසර පතන්න, සැරිසරන්න පෙළඹෙන එක රාගය. (රා කියන ශබ්දයෙන් නැගෙන්නේ සැරිසැරීම, රෝද කිරීම වගේ අදහසක්, ග යන්නෙන් අග්‍ර වීම, අනුගත වීම වගේ අදහසක් එන්නේ)
ඒ නිසා මේ ආකාරයට වෙනස් වෙන සුලු බව බැලුවම රාගක්ඛය සිද්ධ වෙන්න විදිහක් නැහැ, ද්වෙෂක්ඛය සහ මෝහක්ඛය වෙන්න විදිහකුත් නැහැ.
සූත්‍රයට බහා නොසිටී
11 ගින්නෙන් කොයික ආවත්, එයටත් වෙනස් වෙන සුළු බව දාන්න පුළුවන්. නමුත් මූල හේතුව වුනු අවිද්‍යා තෘෂ්ණා සහගත වැඩ පිළිවෙල හේතුවෙන්නේ අවසාන දුක ගොඩ නැගුනේ කියලා නොදකින්කන්, නැවත උදා වෙනවා! ඒ නිසා හේතු නොදක නිරෝධය දකින්න බැහැ.
උදා.
සෝකයක් දැනුනා. වෙනස් වෙන සුළු බව දකින්න පුරුදු කරලා සෝකය දුරු වෙලායාමට හිත තියනවා. නමුත් ඒ සෝකය දැනුනෙ ජාතිය ප්‍රත්‍යයෙන්. එය උදාවීම නතර නොකරන තුරු නැවත සෝකය උදාවෙන්න පුළුවන්. මෙන්න මේ කොටස දකින්න බැරිවෙනවා ඉහත ක්‍රමය තුල.
ඒ නිසා අනිච්ච යනු "වෙනස් වෙන සුළු බව" කියා ගත් විට එය බුද්ධ දේශනාවක් කියා ගන්න බැහැ.
"පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතුව නිරුද්ධ වීම" අනිච්චද?
මෑත කාලයෙදී ජනප්‍රිය වුනු තවත් අර්ථ දැක්වීමක් තමයි, අනිච්ච යනු "තිබෙන දේ නැති වීම නෙමෙයි, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වීමයි" කියලා.
මෙය පටිච්චසමුප්පාදයේ විවිද තැන් වලට යොදලා පෙන්වනවා. බොහෝ විට විඤ්ඤාණයට යොදනවා.
උ.දා.
පෙනීම කියන කාරණයේදී ඇසත් රූපයත් ගැටීම හේතුවෙන් චක්ඛු විඤ්ඤාණයක් උදාවෙනවා. පෙර නොතිබුණු දෙයක් හටගත්තා. ඉන්පසු එය ඉතුරු නැතුව නිරුද්ධ වුනා.
"Fridge එකේ දොර ඇරියාම ඇතුලේ බල්බ් එක පත්තු වෙනවා. වැසුවාට පසුත් බල්බ් එක පත්තු වෙලා ඇති කියලා හිතනවා නම් එක වැරදී. මෙන්න මේ වගේ තමයි අනිත්‍ය නොදකින කෙනා."
මේ විග්‍රහය තුලින් ගැඹුරු දහමක් දකින්න පුළුවන් වගේ පෙනුනට ඇත්තටම බුද්ධ දේශනාවේ අනිච්ච ලක්ෂණයට ගැලපෙන්නේ නැහැ. එහි ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ වෙන දෙයක්. ඒ තමයි විඤ්ඤාණයේ මායාකාරී ස්වභාවය ("විඤ්ඤාණ අත්දැකීම" ලෙස හඳුන්වන දේ). එය හොඳ දෙයක්. නමුත් ඒ දැක්ක දේ අනිච්ච ලක්ෂණය නොවේ.
පටිච්චසමුප්පාදයට බහා නොසිටී
- "පෙනෙන ක්‍රියාවලිය" විග්‍රහ කරන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය තුල. අව්‍යාකෘත පටිච්චසමුප්පාදය පටන් ගන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි. ඒ නිසා මේ විග්‍රහය බහා හිටින පටිච්චසමුප්පාදය තුල දුක උදාකරන "මුල" නැහැ.
- අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ශ්‍රාවක ගෝචර නැහැ. ඇසත් රූපයත් ස්පර්ශ වීමෙන් චක්කු විඤ්ඤාණය පහල වීම සහ එය විපරිනාමය වීම තත්පරයෙන් කෝටියෙන් පංගුවක් වගේ ඉතා සුළු කාලයක් තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා ඒ ක්‍රියාවලිය බලමින් යමෙක් (සර්වඥයන්වහන්සේ හැර) අනිච්ච වඩන්න හදනවානම් එය නිෂ්ඵල ක්‍රියාවක්.
- සමස්ත පටිච්චසමුප්පාදයේ 11 ගිනි පෙන්වන "අග" මෙම ක්‍රමය තුල නොදකින නිසා ආදීනව බලන්න විදිහක් නැහැ.
- “නාම ගොත්තන් න ජීරති” (නජීරති සූත්‍රය - දේවතා සංයුක්තය - සංයුක්ත නිකාය 1) - ඒ නිසා “ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා” කියන කාරණයත් යතාර්ථයක් නොවේ. Fridge එක අරින්නේ කොහොමද?, Fridge එක කොහෙද තිබ්බේ? ඇතුලේ light එකක් තිබ්බද නැද්ද? කියන දේවල් මතක සටහන් ලෙස නොදිරා පවතිනවා. මතක සටහන් සමග සියල්ල ඒ මොහොතේම නිරුද්ධ උනානම් සත්ව පැවැත්ම කෙඹඳු වෙයිද? තිබහට බොන්න ඕනි වතුර කියලාවත් දැනගන්නේ කොහොමද?
විනයට සැසදෙන්නේ නැහැ.
හේතුව වත්, මිදීමට දැකිය යුතු දුක් කඳත් නොදකින නිසා රාගක්ඛය, ද්වෙෂක්ඛය හෝ මෝහක්ඛය වෙන්න බැහැ.
විඤ්ඤාණයේ මායාකාරී ස්වභාවය දකින එක හොඳයි, නමුත් මයාවකින් හරි ආස්වාද ලැබෙනවනන් මොකෝ කියන තැනට වැටෙනවා මයි. ගැඹුරු තර්ක විතර්ක පොතට සීමා වෙලා ප්‍රයෝගිකව දුකෙන් මිදෙන්න අසීරු වෙනවා (දුකක් බව දකින්න වත් බැහැනේ)
සූත්‍රයට බහා නොසිටී.
අවිද්‍යා තෘෂ්ණා සහගත ක්‍රියාවලියක් තුලින් දුක උදාවෙන හැටි නොදකින නිසා, චතුරාර්‍ය සත්‍යයෙන් එකක්වත් දකින්න තියන අවස්තාව ඇහිරෙනවා.
~ ~ ~
- ඇස ඇවිල ගත්තේය...
- රූපයෝ අවිලගත්තේය...
- චක්කු විඤ්ඤාණයෝ ඇවිලගත්තේය...
~ ~ ~
ධර්ම අවබෝධයටත් ධර්ම මාර්ගය වඩා නිවන් ප්‍රතක්ෂ කරගැනීමටත් අතාවශ්‍ය නිවැරදි අනිච්ච ලක්ෂණය සියල්ලන්ටම අවබෝධ වේවා.





Comments
Post a Comment