අනිත්‍ය හරි නොයන්නේ ඇයි?
පෙර ලිපියකින් අනිච්ච අර්ථ කීපයක් උදාහරණ උපමා සහිතව විග්‍රහ කළා.
දැන් බලමු අද වන විට බෞද්ධ සමාජයේ ප්‍රචලිත අනිත්‍ය යන්නෙහි ඇති ගැටලුව. ඇයි විරාගය නිරෝධය පිණිස එය හේතු නොවෙන්නේ කියලා.
පෙර සේම මුලින්ම බලන්න ඕනි දෙයක් තමයි "අනිත්‍ය" කිව්වට කුමන අර්ථයෙන්ද අනිත්‍ය කිව්වේ කියලා. මොකද ඇතැමුන් අනිත්‍ය අනිත්‍ය කිව්වට ඇත්තටම පටිච්චසමුප්පාදය දැකලා, අදහස අරන් තියෙන්නේ අනිච්ච වල අදහසයි.
අද වන විට අනිත්‍ය පදයට දී ඇති අර්ථ කථන කීපයක් මෙසේයි:
1.වෙනස්වන ස්වභාවය
2.ඇති වන - නැති වන ස්වභාවය
3.ස්ථිරව නොපැවතීම
4.පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතුව නිරුද්ධ වීම.
අපි මේ අර්ථ එකින් එක අරන් බලමු ඒවා විරාගය, නිරෝධය පිණිස හේතු නොවෙන්නේ ඇයි කියලා.
බටහිර change, impermanance ලෙස පෙන්වන්නේද මේ අර්ථයයි.
අනිත්‍ය වලට දෙන කෙස්-පැලෙන විග්‍රහ වලට යන්න ඉස්සෙල්ලා අති මහත් බහුතරයක් බෞද්ධයන් විසින් දරා ගෙන ඇති මේ අර්ථයේ ගැටලුව අපි බලමු. පහත ඇති රූපය අන්තර් ජාලයෙන් උපුටා ගත්ත එකක්:
මෙහි පෙන්වන්නේ කාමයන් තාවකාලික බැවින් උපරිමයෙන් විඳින්න සහ දුකක් ආ විට එය තාවකාලික බව සිහි කර එය "වෙනස් වන" තෙක් සිටින්න කියලා.
දැන් හොඳින් හිතලා බලන්න මේකෙන් විරාගයද එන්නේ රාගයද? නිරෝධයද එන්නේ රෝදයද?
තව මොහොතක් හරි මේ ඝෝර කටුක සසරේ ඉන්න ඉන්න ඉන්න කියන අදහස නෙමෙයිද මේ තියෙන්නේ? අනිත්‍ය කියන්නේ ඕක නෙමෙයි මේකනේ කියලා ගැඹුරු අර්ථ කොච්චර දුන්නත්, හැමෝම වගේ පැවැත්ම හදා ගන්නේ ඔහොම හිතලා. අනිත් අර්ථ ටික පොතට පමණක් සීමා වෙනවා.
මේ තියෙන්නේ තවත් ඒ වගේම ගන්න අදහසක්:
වෙනස්වන ස්වභාවය කියනේ දේ මත ලෝක සත්වයා මහා බලාපොරොත්තු ගොන්නක් හදා ගන්නවා. ඉතින් දහඩිය, කඳුළු ගංගා කිසිත් නොදැක හඹා යනවා.

1. වෙනස්වන ස්වභාවය

Comments
Post a Comment