සම්මා

බුද්ධ ශාසනයේ ඉතාම වැදගත්ම පදයක් තමයි "සම්මා" කියන්නේ. මෙතෙක් කලක් මෙය "යහපත්" යන අර්ථ දෙන්නක් ලෙස දරා ගෙන සිටියදී වහරක අභයරත්නාලන්කාර හිමිපාණන් විසින් සිව්පිලි සිම්බියාඥානයෙන් මෙහි නිවැරදි පද අර්ථය මතු කර දුන්නා. ඒ අනුව "එකතුවෙන් මිදීම" ලෙස මෙම ගැඹුරු පදයේ අර්ථය සරලව දැක්විය හැකිය.

චතුරාර්‍ය සත්‍යයේ මාර්ග සත්‍යය වන, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප... සම්මා සමාධි සඳහා නිවැරදි අර්ථය මතු කර ගැනීමට ඒ අනුව හැකි වුනා.

මේ වන විට, සම්මා යන්න "මා වීමට සං වීම" ලෙස ඊට බොහෝ සමාන තවත් අර්ථ දැක්වීමක් මතු වී තිබෙනවා.

මෙහෙම අලුත් විදිහක් ගන්න හේතුව මට හිතෙන්නේ "නිවනට තණ්හා" වෙන්න කියපු තැන වෙන්න ඕනි.
නමුත්,
තන්හා වෙනවා කියන එක සං වෙනවා කියන එක නෙමෙයි.
ඒ වගේම නිවන, මා වෙනවා කියන එකත් නෙමෙයි.

සං කියන්නේ එකතුව කියන අර්ථය,
මා කියන්නේ මිදීම/වෙන්වීම කියන අර්ථය,
ඒ නිසා "මා වෙන පැත්තට සං වෙනවා" කියන එක නිරුක්ති විදිහට ගත්තත් කිසිම ගැලපීමක් නැහැ.

ක්‍රම වේදයක් විදිහට ගත්තත් මාර්ග සත්‍යය පෙන්වන්න බැහැ:
උදාහරණ...

මඩ ගොහොරුවේ ඉන්න කෙනෙක් මඩේ ආදීනවත්, මඩෙන් මිදීමේ (මිදුණු කොටසේ) ආනිසංසත් බලමින්, මඩේ ඉඳන් ගොඩට එනවා. ඒ නැතුව ගොඩ බලාගෙන ගොඩට ඇදී යන්න ක්‍රමයක් නැහැ. (පෝටිල හිමියන් වරදවාගත් තැන)

ගෙයක් හදනකොට ගඩොලින් ගඩොල උඩට බැඳගෙන යන්න ඕනි, ඉඩ ඉඳන් බඳින්න ක්‍රමයක් නැහැ.

මිදුලක් අතුගාන කෙනා මුලින්ම උදැල්ලෙන් ගොම බෙටි වගේ දේවල් තිබේනම් ඉවත් කරනවා, ඉන්පසු ලොකු ගල් තිබේනම් ඒවා අයින් කරනවා, ඉන් පසු ඉදලින් කොළ රොඩු අතු ගානවා. අනුපූර්ව ක්‍රමය එකයි. මුලින්ම ඉදල අරන් හරියන්නේ නැහැ.

කෙලෙස් තැවීමත් අනුපූර්ව සිද්ධ වෙන්න ඕනි, එකට තමයි සම්මා දිට්ඨි පූර්වාංගම අරි අටඟි මග තියෙන්නේ. අරිහතුන් වහන්සේ මෙහෙමයි කියා උන්වහන්සේ රඟ පෑවාට එතනට කිට්ටු වෙන්න එකතු වෙන්න ක්‍රමයක් නැහැ. අනුපූර්ව පටිපදාව අනුගමනය පමණයි අරිහත්වයට මාර්ගය.

ඒ නිසා අරිහතුන් වහන්සේ මවාගෙන එතනට එකතු වීම මාර්ග සත්‍යයට පටහැනියි. ඒ අර්ථය දෙන "මා වීමට සං වීම" නිවැරදි වෙන්නේ නැහැ.

මිදුණු තැනට පත්වෙන්න තියන එකම ක්‍රමය  එකතුවෙන් මිදෙන මාර්ගය වඩන එක.

ප්‍රඥාවෙන් අත්හැරි අත්හැරි යන ගමනක් මිසක්, අත්හැරුණු තැනකට එකතු වෙනනේ කොහොමද?

Comments

Post a Comment

Popular posts from this blog

ඉතිපි, සෝ භගවා... නව ගුණ ගාථාවේ නිවැරදි උච්චාරණය

අනිච්ච

මොනවද මේ නිරුක්ති?