"මමෙක් නැහැ" කියන්නේ පඹ ගාලක්!
“මම නැහැ” කියන එක මහා පඹ ගාලක්!
වසර
ගණනාවකට පෙර මමත් ඔතන පැටලිලා හිටියා.
මමෙක් නැහැ! ක්‍රියාවලිය විතරයි මෙතන තියෙන්නේ!! කියා කියා හිටියා....
මමෙක් නැහැ! ක්‍රියාවලිය විතරයි මෙතන තියෙන්නේ!! කියා කියා හිටියා....
සිත් පරම්පරාව එකින් එකට ප්‍රත්‍ය වෙවී
යනවා මිසක් driver කෙනෙක් නැහැ.... controller කෙනෙක් නැහැ...! ඔහොම හිත හිත එකම තැන හිටියා....
වෙලාවකට ඕවා Intellectual Chewing Gum වගේ. හප හප ආස්වාද ගන්න පුළුවන්.
නිවීමක් නම් හම්බෙන්නේ නැහැ.
~
“මමෙක් නැහැ” කියන කෙනෙක්ට ලොකු
පොල්ලක් අරන් ගැහුවොත් එයා මොකද කරන්නේ?
මට ගහන්න එපෝ කියයි නේද? J
(මහා ගැඹුරක් තියනවා ඔය කතාවේ, පුලුවන්නම් ටිකක හිතලා බලන්න)
~
මම ඉන්නවද?
මම නැද්ද?
කොහෙද ඉන්නේ?
කොහෙද නැත්තේ?
ඔය ඔක්කොම ප්‍රශ්න වේදයට අදාළ, බුද්ධ
ශාසනයෙන් පරිබාහිර අදහස්.
“මමෙක් හිටයත් එකයි, නැතත් එකයි, මම යයි ගැනීමට සුදුසු දෙයක් තියනවද
නැද්ද බලන්න.” ඔච්චරයි බුද්ධ දේශනයට අදාළ.
වේදයේ එන ආත්ම/අනාත්ම
සංකල්ප වල ව්‍යුත්පන්න (ඇත/නැත දෘශිටි) |
බුද්ධ ශාසනය
|
|
මමෙක් ඉන්නවා!
|
මමෙක් නැහැ!
(ක්‍රියාවලිය විතරයි මෙතන තියෙන්නේ.)
|
මම යයි ගැනීමට සුදුසු දෙයක් නැහැ.
මගේ යයි ගැනීමට සුදුසු දෙයක් නැහැ. |
නිවන් දකින්න බැහැ
|
නිවන් දකින්න ඕනි නැහැ
|
සියලු ලෝක අනාථයි!
නිවනම නාථයි! |
පහල තීරයේ තියෙන්නේ ගත්ත දේට අනුව එන
නිගමනය.
“මම නැහැ” අදාලයි කියලා හිතෙන තැන්
දෙකක් තියනවා:
1. සත්කායදෘෂ්ටිය -> සත්කාය
(පන්චුපාදානස්කන්දය) පිලිබඳ ගැටළුවක්.
2. අස්මී මානය -> “මැනීම” පිලිබඳ ගැටළුවක්.
“මම නැහැ” කතාවක් අදාලම නැහැ.!!!
වටිනාකමක් පේනකන් "මමෙක්" උදා වෙනවා.
වටිනාකමක් නැහැ කියලා වැටහෙන්න වැටහෙන්න මමෙක් උදා වෙන එක නැති වෙනවා.
මේ ආකාරයට මම ඉන්නවද නැද්ද කියලා හොයා හොයා ඉන්නේ නැතුව, "මම යයි ගැනීමට සුදුසු දෙයක් තියනවද නැද්ද" කියලා බැලුවම ඉබේම මම නිරෝධ වෙනවා.
මමෙක් උදා වෙන එක නිරෝධ වීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේම අතුරු ප්‍රතිපලයක්:
වෙන ක්‍රමයක් නැහැ.

Comments
Post a Comment